දකුණුදිග චීනයේ, සුහායි නගර වැසියන් පිරිසක් මැදට මෝටර් රථයක් කඩා වැදීමෙන් 35 දෙනකු එහි හැපී ජීවිතක්ෂයට පත්වුණු බවත් තුවාල ලැබූ 43 දෙනකු කඩිනමින් රෝහල්ගත කළ බවත් වාර්තා වේ.
මෝටර් රථය කඩා වැදුණේ ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදිරිපිට උදෑසන ව්‍යායාම ගනිමින් සිටි පිරිසක් මැදටය. සිද්ධිය වූයේ උදෑසන 7.48 ට පමණ යැයි පැවැසෙයි.
පොලිසිය වහා රියදුරා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 62 හැවිරිදි අයකු බවත් පොලිසිය පැමිණ අත්අඩංගුවට ගනිද්දී සැකකරු අතේ තිබූ පිහියකින් තුවාල කරගත් බවත් පොලිස් වාර්තාවල දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd