හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු, ඊජිප්තුවේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපති මොහොමඞ් මොර්සිට එරෙහි නඩු විභාගය ඊයේ (4) කයිරෝ නුවරදී ආරම්භ විය.
![]() |
ජනාධිපති මොර්සි |
මොර්සිගේ නඩු විභාගය ආරම්භ වීමත් සමඟ කයිරෝ නුවර ආරක්ෂාව තර කෙරුණි. විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණේ හමුදාවේත්, පොලිසියේත් 25,000 ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබුණු බවය.
නඩු විභාගය පැවැත්වෙන්නේ, ජනපති මොර්සි බලයේ සිටිද්දී, විපක්ෂ කි‍්‍රයාකාරීන් පස් දෙනකු වද බන්ධනයට ලක් කර මරා දැමීමට අණ කළේ යැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙනි.
මොර්සි එම විපක්ෂ කි‍්‍රයාකාරීන් පිරිස මරා දැමීමට අණ දී ඇත්තේ 2012 වසරේ දෙසැම්බර් 5 වැනිදාය. පිරිස වධබන්ධනයට ලක් කර මරා දැමුණේ ද කයිරෝ නුවර ජනපති මන්දිරය ඉදිරිපිටදීය.
මොර්සි අධිකරණයට යොමු කළ අවස්ථාවේදී ඔහුගේ අධාරකරුවන් මෙන්ම මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ අධාරකරුවෝ ද අධිකරණය ඉදිරිපිට විරෝධතා පැවැත් වූහ.
කලහකාරීව හැසිරුණු එම පිරිස් විසුරුවා හැරීමට ඊජිප්තු අන්තර්වාර රජය කැරැුලි මර්දන පොලිසියට අණදුන් අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර දරුණු ගැටුමක් හට ගැණින. එහිදී මොර්සි ආධාරකරුවෝ දෙදෙනනෙක් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූහ. 25 දෙනෙක් තුවාල ලැබූහ. පොලිසිය කියා සිටියේ 80 දෙනකු අත්අඩංගුවට ගත් බවය.
ඉකුත් ජූලි මස 3 වැනිදා සිදුවුණු හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු හමුදාව විසින් මොර්සි අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කරනු ලැබ සිටී. මොර්සිගේ නිවාස අඩස්සි කාලය මේ වනවිට දීර්ඝ කර ඇති බව ද පැවැසෙයි.
2010 අරාබි වසන්තයෙන් පසු, වසර 30 ක් තිස්සේ ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වීමෙන් පසු, රටේ පැවැති ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරණයෙන් සියයට 50 කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගෙන ජයගත්තේ මොර්සිය. මොහොමඞ් මොර්සි ඊජිප්තුවේ පළමු ඉස්ලාමීය ජනාධිපතිවරයා ද විය.
ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයකට මඟ පෑදුණේ ජනපති මොර්සි හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේත් එරට විපක්ෂ කණ්ඩායම්වලත් අප‍්‍රසාදයට හේතු වීම නිසාය.
හමුදා ආඥාවක් හරහා මොර්සි බලයෙන් නෙරපා දැමීමෙන් පසු ඊජිප්තු හමුදාපති අල් සීසී කියා සිටියේ, තමන් දිගටම බලය අල්ලාගෙන සිටීමේ කැමැත්තක් නැති බවත් මාස 6 ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ව්‍යවස්ථා අධිකරණ අගවිනිසුරු අබ්ලී මන්සූර් භාරකාර ජනපති ලෙස පත් කෙරුණි.
ඊජිප්තු ජනතාවගේ ඉල්ලීම්වලට කන් නොදීම නිසා හමුදාව, ජාතික වගකීමක් සේ සලකා තම යුතුකම ඉටු කළේ යැයි හමුදාපති ජනරාල් අල් සීසී එම අවස්ථාවේදී වැඩි දුරටත් කියා සිටියේය.
ජනපති මොර්සිට එරෙහි විරෝධතා ඇරැඹුණේ ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය. විරෝධතා සංවිධානය කළේ, ඊජිප්තු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
මොර්සි සහ ඔහුගේ නිදහස් සහ යුක්තිය පක්ෂයටත්, එම පක්ෂය මෙහෙය වූ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයටත් එම විරෝධතාකරුවන් චෝදනා කළේ බලය බෙදා ගැනීමට එම පක්ෂ කැමැත්තක් නොදැක්වූ බවටය.
![]() |
තුවාලකරුවකු රෝහල කරා රැගෙන යමින් |
![]() |
මොර්සි ආධාරකරුවන්ට පොලිසිය හරස් වෙමින්. |
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බලයෙන් නෙරපූ ඊජිප්තු ජනපති මොර්සිගේ නඩු විභාගය ඇරැඹේ