
දකුණු දිග බ්‍රසීලයට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත්, ප්‍රාදේශ කීපයක නිවාස නායයෑමට හසුවී ඇති බවත් පැවැසෙයි. මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 57 ක් බවත්, 67 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි.
ජල ගැලීම් හේතුවෙන් නිවාස අහිමි වුණු ගණන දහසකට වැඩිය. මහ වැස්සෙන් සහ ජල ගැලීම්වලින් දැඩි ලෙස පීඩාවට පත් වූයේ රියෝ ග්‍රාන්දේ දෝ සෝල් ප්‍රාන්ත වැසියන් බව පැවැසෙයි.
රියෝ ග්‍රාන්දේ දෝ සෝල් ප්‍රාන්තයේ පමණක් උන්හිටිතැන් අහිමිවුණු වැසියන් ගණන 32,000 කි. ප්‍රාන්තයේ නගර 497 ක් ඇති අතර ඒවායින් තුනෙන් දෙකක් මේ වනවිට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගොස් ඇතැයි ද පැවැසෙයි.
මහ වැසි හේතුවෙන්, ජල විදුලි බලාගාරයක වේල්ලක් ද පුපුරා ගොස් ඇති බැවින්, වේල්ල අවට පහත් බිම්වල පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂක ස්ථාන වෙතට යොමු කෙරුණු බව බ්‍රසීල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ තවත් වේල්ලක් ද අධික වර්ෂාව හේතුවෙන් කැඩී යෑමේ අවදානමත් පෙන්නුම් කළ බවය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බ්‍රසීලයේ මහ වැස්ස 57 ක් බිලි ගනී: 67 ක් අතුරුදන්