
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර අපරාධ කල්ලි සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් අතරේ දරුණු අවි ගැටුමක් සිදුවිය.
ගැටුම සිදුවූයේ පොලිස් නිලධාරීන් අපරාධ කල්ලි සාමාජිකයන් වැටලීමට උත්සාහ ගත් අවස්ථාවේදීය. අවි ගැයුම්වලින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බ්‍රසීලයේ දරුණු අපරාධ කල්ලි 42 ක් ක්‍රියාත්මක වෙයි. එයින් අපරාධ කල්ලි 19 ක් ක්‍රියාත්මක වන්නේ සාඕ පාවුලෝ ප්‍රාන්තයේය.
මෙම අපරාධ කල්ලි සාමාජිකයන්, නීතියට බියක් දක්වන්නේ නැත. නීතීඥවරුන්, අධිකරණ විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරීන් අමුඅමුවේ ඝාතනය කිරීමට පවා මොවුහු පසුබට නොවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd