
ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ මෙලානියා ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ පදිංචියට පැමිණීම සැක සහිත යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් මාධ්‍ය පන්වා දී ඇත්තේ, ඉදිරි සිවු වසරක කාලයේ ට්‍රම්ප් ජනාධිපති ලෙස තනිවම සිය වැඩ රාජකාරි කරනු ඇති බවත්, මෙලානියා රාජකාරි අවශ්‍යතාව අනුව, ධවල මන්දිරයට පැමිණෙනු ඇති බවත්ය. 2016 සිට 2020 දක්වා ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ දී මෙලානියා සහ පුතු බැරන් පදිංචිව සිටියේ ධවල මන්දිරයේය. මෙලානියා ට්‍රම්ප්ගේ තෙවැනි බිරිඳය.
සාමාකාමීව බල හුවමාරුවක් සිදුවන බව තහවුරු කරමින්, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායට අනුව, ට්‍රම්ප් සහ බයිඩන් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
සම්ප්‍රදායට අනුව, බයිඩන් බිරිඳ මෙන්ම වත්මන් ජනාධිපති ආර්යාව ද වන ජිප් බයිඩන් සහ ධුරයට තේරීපත් වන ජනාධිපතිවරයා වන ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියා අතරේ ද සුහඳ හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් මෙලානියා ධවල මන්දිරයට පැමිණි නොසිටි බැවින් එසේ හමුවක් සිදු නොවිණි.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිරිඳ මෙලානියා වැඩිපුර ධවල මන්දිරයේ නැති වේවි