IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බ්‍රිතාන්‍ය රාජකීයයන් හමුවන්න ට්‍රම්ප් සූදානම්

ජනවාරි 20 වැනිදා ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු බ්‍රිතාන්‍යයට පැමිණෙන්නැයි බ්‍රිතාන්‍ය රජ පවුල ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇරැයුම් කර ඇත. 

2019 වසරේ, ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී ද රජ පවුලේ ඇරැයුමින් ඔවුන් හමුවීමට බ්‍රිතාන්‍යයට ගියේය. ඒ අනුව, බ්‍රිතාන්‍ය රජ පවුලෙන් මෙසේ ඇරැයුම් ලබන ඇමෙරිකා ජනාධිපති වනු ඇත්තේ ද ට්‍රම්ප් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

2019 වසරේ බ්‍රිතාන්‍ය රාජකීයයන් හමුවීමට ගිය අවස්ථාවේදී, ට්‍රම්ප් වෙනුවෙන් දෙවැනි එලිසබත් මහ රැජින විශේෂ බෝජන සංග්‍රහයක් පවා පැවැත්වූවාය. 

ලබන වසරේ සංචාරයේදී, තෙවැනි චාල්ස් රජු, ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් කුමරිය ට්‍රම්ප් පිළිගැනීමට සූදානමින් සිටින බව බ්‍රිතාන්‍ය රජ පවුල පමණක් නොව, එරට අග්‍රාමාත්‍ය කාර්යාලය ද නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බ්‍රිතාන්‍ය රාජකීයයන් හමුවන්න ට්‍රම්ප් සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site