
භූමි කම්පාවෙන් විපතට පත්වුණු තුර්කි වැසියන් ගැන සොව පළ කරමින්, අත්දැකීම් බහුල විශේෂඥයන්ගෙන් සමන්විත දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් කඩිනමින් තුර්කියට පිටත් කර හැරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පියවර ගෙන තිබේ.
භූමි කම්පාවෙන් පසු සුන්බුන් අතරේ සිරවුණු තුර්කි වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් පැය 24 පුරා ලහිලහියේ සිදුවෙමින් පවතින අතර ජාත්‍යන්තරයේ සහාය ද තුර්කි රජයට ලැබී තිබේ.
භූමි කම්පාවෙන් තුර්කියට සිදුවුණු හානිය දුටු සැණින්, ඒ ගැන කම්පාවට පත් වුණු අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, කියා සිටියේ හැකි සෑම අයුරින්ම තුර්කියට සහාය පළ කරන බවය.
තුර්කිය බලා ගිය බි්‍රතාන්‍ය දිවි ගලවා ගැනීමේ කණ්ඩායම 79 දෙනකුගෙන් සමන්විතය. සන්බුන් අතර සිරවුණු පිරිස් සොයා ගැනීමට විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් කණ්ඩායමක් ද ඔවුන්ගේ සහායට සිටින බව වාර්තා වේ.
විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස තුර්කිය බලා ගියේ සුන්බුන් අතර සිරවුණු පිරිස් සොයා ගැනීමට අවශ්‍ය විශේෂ උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර ද සමඟය.
මේ අතර සිරියාවේ විපතට පත්වූවන්ට සහාය ලබා දීමට සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද කඩිනමින්, තුර්කියට මෙන්ම සිරියාවට ද අවශ්‍ය ආධාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.
භූමි කම්පාව හටගත්තේ ඇලෙප්පෝ නුවර සහ ඒ අවට ප්‍රදේශයේය. සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන්, ඇලෙප්පෝ සහ ඒ අවට ප්‍රදේශයේ පාලනය ඇත්තේ ජාත්‍යන්තරය විසින් නිල වශයෙන් පිළිගනු ලැබූ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට සහාය දක්වන සන්නද්ධ අංශ සතුවය.
(ඬේලිමේල්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් තුර්කියට