IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බැරැක් ඔබාමා - මිට් රොම්නි රූපවාහිනී විවාදය උණුසුම්

ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක‍්‍රටික අපේක්ෂක ජනපති බැරැක් ඔබාමා සහ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි අතර පළමු රූපවාහිනී විවාදය පෙරේදා (3) ඉතා උණුසුම් අයුරින් පැවැත්විණි. ඇමෙරිකා වේලාවෙන් රාතී‍්‍ර 9 ට ඇරැඹි එම විවාදයට තේමා වූයේ රටේ දේශපාලන සහ ආර්ථික ප‍්‍රතිපත්තීන්ය. කොලරාඩෝහි ඩෙන්වර් විශ්ව විද්‍යාල ශ‍්‍රවණාගාරයේදී එම විවාදය මිනිත්තු 90 ක් පුරා පැවැති අතර ඇමෙරිකානුවන් මිලියන 60 කට වැඩි පිරිසක් සජීවීව එය නැරැඹූහ. විවාදය ඇමෙරිකාවේ සී.එන්.එන්. සහ ෆොක්ස් වැනි ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකා රැසක විකාශය කෙරුණි. විවාදය මෙහෙයවනු ලැබුවේ ප‍්‍රවීණ ඇමෙරිකානු මාධ්‍යවේදී ජිම් ලීහර් විසිනි. නොවැම්බර් 6 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට පෙර තවත් රූපවාහිනී විවාද දෙකක් පැවැත්වීමට නියමිත අතර තමන් ඡන්දය දෙන්නේ කාටදැයි ඇමෙරිකානු ජනතාව තීරණය කරන්නේ එම විවාද හරහාය. විවාදයේ දී වැඩි කතා කිරීමට අවස්ථාව ලැබුණේ ජනපති ඔබාමාටය. විවාදය ආරම්භයේ සිටම රොම්නි, ඔබාමාට අභියෝග කරමින් ඔබාමාගේ ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිපත්ති ප‍්‍රශ්න කරන්න විය. විරැකියාවට නැති කිරීමට ඔබාමා කටයුතු කළ අයුරු සහ බදු පැනැවීම් මෙහිදී විවාදයට ලක් විය. ඔබාමාගේ බදු පැනවීම ඇමෙරිකාවේ මධ්‍යම පංතියට පීඩනයක් වී ඇති බවත්, ඔබාමාගේ ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් රැකියා කප්පාදුවීම් සිදුවූ බවත් රොම්නි පෙන්වා දුන්නේය. මීට වසර හතරකට පෙර ඔබාමා ජනපති ධුරයට පත් වූ අවස්ථාවේදී විරැකියාවට දුන් පිළියම් නිසි ලෙස කි‍්‍රයාත්මක නොවුණු බවද රොම්නි පෙන්වා දුන්නේය. 2008 දී ඔබාමා ජනපති ධුරයට පත් වෙද්දී ඇමෙරිකාව මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියේය. එහෙත් මේ වනවිට එම අර්බුදයෙන් ගොඩ ඒමට ඔබාමා සමත් ව ඇති නමුත් තවමත් ඇමෙරිකාවේ විරැකියාව ඉහළ යමින් පවතී. ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනතේ වාසි අවාසි සම්බන්ධයෙන් ද රොම්නි ප‍්‍රශ්න කළේය. රොම්නි අවධාරණය කළේ ඔබාමා එම සෞඛ්‍ය ආරක්ෂක පනත ඇමෙරිකානුවන් මත බලෙන් පැටැවූ එකක් බවය. රොම්නි ඔහුගේ ආර්ථික සැලැසුම් ඉදිරි පත් කළේ ජනපති ධුරයට පත් වෙද්දී ඔබාමා හඳුන්වා දුන් ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිපත්ති යල් පැන ගොස් ඇතැයි ද පවසමිනි. රොම්නි ඔහුගේ ආර්ථික සැලැසුම් ඉදිරිපත් කළ අවස්ථාවේ ඔබාමා සන්සුන්ව ඊට කන් දුන්නේය. බොහෝ දෙනා අපේක්ෂා කළ අන්දමට ඔබාමා සහ රොම්නි අතර විවාදය පොර පිටියක් නොවිණි. ඇමෙරිකානු දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විවාදයෙන් ජයග‍්‍රහණය කළේ රොම්නි කියාය. විවාදයෙන් පසු රොම්නිගේ ජනපි‍්‍රයත්වය ද ඉහළ ගොස් ඇතැයි ඇතැම්හු පෙන්වා දෙති. ”සැකයක් නැහැ. විවාදයෙන් ජයග‍්‍රහණය කළේ රොම්නි. ඔහුට හැකිවුණා ඔබාමා අපහසුවට පත් කරන්න” යැයි ඇමෙරිකාවේ ෆ්න්ක්ලින් මාෂල් සරසවියේ දේශපාලන සහ මහජන කටයුතු අංශයේ ප‍්‍රධානී ජී ටෙරී මැඩෝනා පවසයි. ටෙරී මැඩෝනා, 1960 වසරේ සිට ඇමෙරිකා ජනපති අපේක්ෂකයන්ගේ රූපවාහිනී විවාද අධ්‍යනය කරන ප‍්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෙකි. ඊයේ (4) වනවිට ජනමත සමීක්ෂණවලින් පෙනී යන්නේ මැතිවරණ කටයුතු ඇරැඹුණු දා සිට මේ දක්වා ආ ගමනේ දී ජනපති ඔබාමා ප‍්‍රතිවාදී අපේක්ෂක රොම්නිට වඩා ඉදිරියෙන් සිටින බවය. ඔබාමා සහ රොම්නිගේ මීළඟ රූපවාහිනී විවාදය ලබන 16 වැනිදාත් 22 වැනිදාත් පැවැත් වීමට නියමිතය.



අදහස් (0)

බැරැක් ඔබාමා - මිට් රොම්නි රූපවාහිනී විවාදය උණුසුම්

අබිමා Saturday, 06 October 2012 11:32 AM

දෙන්නට‍ම පිස්සු (ස)

:       0       0

ලහිරු Sunday, 07 October 2012 05:51 PM

කවුරු වුණත් කමක් නැහැ, රටට වැඩක් කරනවා නම්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 695 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17855 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 761 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site