ඉතාලයේ ටියුරින් නුවර පාපන්දු නගරයක් නරඹමින් සිටි පිරිසක් අතර ඇතිවූ බෝම්බ බියක් නිසා සිදුවූ තෙරපීම හේතුවෙන් සෙනසුරාදා (3) රාත්‍රියේදී 1,500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
ශූරයන්ගේ ලීගය තරගාවලියේ අවසාන තරගය නැරැඹීම සඳහා එක් වූ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමට සහාය දක්වන්නන් පිරිසක් අතරේ මෙලෙස තෙරපීම ඇති වී තිබෙන අතර තිදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා විය.
මෙම අවසාන මහා තරගය පැවැත්වෙමින් තිබුණේ බ්‍රිතාන්‍යයේ කාඞ්ෆ් හි වන අතර ඉතාලියේ වෘත්තීය සමාජ කණ්ඩායමක් වන ජුවෙන්ටස් කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලබා තිබිණි. එම කණ්ඩායමට සහාය දක්වන් පිරිසක් ඉතාලියේ ටියුරින් රැස්ව විශාල තිරයකින් තරගය නරඹමින් සිටියදී මෙලෙස බෝම්බ බිය ඇති වී තිබේ. සිදුවීමෙන් 1,527 දෙනකු සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බව ටියුරින් නුවර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
කුඩා පිරිමි දරුවකු ද ඇතුළත්ව තිදෙනකුගේ තත්ත්වය බරපතළ වුවත් ඔවුන්ට ජීවිත අවදානමක් නැතැයි ද වාර්තා විය. එලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ හත් හැවිරිදි දරුවකු බවත් ඔහුගේ පපුවට තුවාල සිදු වී තිබෙන අතර කෝමා තත්ත්වයක පසුවන බව ද වාර්තා විය.
ගිනිකෙළි පුපුරණ අවස්ථාවක කිහිපදෙනකු බෝම්බයක් බෝම්බයක් යනුවෙන් කෑ ගැසීම නිසා මෙලෙස එම පිරිස අතර බෝම්බ බියක් ඇති වී තිබෙන බව වාර්තා වූ අතර මෙම සිදුවීම වාර්තා වූයේ ලන්ඩන් නුවරට ප්‍රහාර එල්ල වී පැය කිහිපයකට පසු වීම ද මෙතරම් පිරිසක් තුවාල ලැබීමට හේතු වූ බව බලධාරීහූ සඳහන් කළහ.
“ඉතාලියට මෙතෙක් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී නැහැ. එහෙත් ත්‍රස්තවාදීන් ඊයේ රාත්‍රීයේ පොඩි ජයග්‍රහණයක් ලැබුවා. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නිසා යුරෝපය තුළ ත්‍රස්ත බියක් ඇති වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් නිසා මේ සිදුවීමෙන් 1500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා” යැයි ඉතාලියේ සෙනට් සභික රොබටෝ කාල්දෙරොලි පැවැසීය.
ඒ.එෆ්.පී 055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්ත බිය හැමෝටම එකයි.. හැබැයි, ත්‍රස්තයින්ට උදවු කරන අය බොහොමයි.