
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට මරණ තර්ජන කළ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ 39 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිසිය පවසන ආකාරයට ඔවුන් අත්අඩංගුවට ගත්තේ ජේසන් පැටි්‍රක් ඇල්ඩේ නමැත්තාය.
පැටි්‍රක් ඇල්ඩේ, බයිඩන්ට විවිධාකාරයේ චෝදනා කරමින්, මරණ තර්ජන කර ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේය.
බයිඩන්ට මෙසේ තර්ජන එල්ල වූයේ පසුගිය 14 වැනිදා මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දී බයිඩන්ගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගැනීමත් සමඟය.
එම අවස්ථාවේදී ට්‍රම්ප්ට ලබා දුන් ආරක්ෂාව ප්‍රමාණවත් නැතැයි සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශයට චෝදනා එල්ල වෙයි. එම සිද්ධිය සම්බන්ධයෙන්, ට්‍රම්ප්ට ආරක්ෂාව ලබා දුන් සීක්‍රට් සර්විස් නිලධාරීන් සෙනෙට් කමිටුවක් හමුවේ සාක්ෂි දීමට ද නියමිත බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd