IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක්?

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ, රිපබ්ලිකන් නායක කෙවින් මැකාර්ති සූදානම් වෙයි.

බලතල අවභාවිත කිරීම, දූෂණ චෝදනා සහ ඇමෙරිකන් ජනතාව මුලා කිරීමේ චෝදනා ජනාධිපති බයිඩන්ට එල්ල කරන බව තමන් සූදානමින් සිටින බවත්, දෝෂාභියෝගය සකස් කරන්නේ එම චෝදනා අනුව බවත් රිපබ්ලිකන් නායක කෙවින් මැකාර්ති මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. එම චෝදනා සම්බන්ධයෙන්, නිල වශයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ද මැකාර්ති උපදෙස් ලබා දී ඇත.

බයිඩන්ට චෝදනා එල්ල වී ඇත්තේ, ඔහුගේ පුතා හන්ටර් බයිඩන් සම්බන්ධයෙනි. හන්ටර් බයිඩන්, ව්‍යාපාරිකයෙකි. ඔබාමා පරිපාලනය සමයේ ජෝ බයිඩන්, ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවීය.

එම කාලයේ, හන්ටර් බයිඩන් යුක්රේනය සමඟ සිදු කළ ගනුදෙනු ආන්දෝලනයකට හේතුවක් විය. වර්තමානයේ ජනාධිපති ධුරය හොබවන බයිඩන්ට චෝදනා එල්ල වී ඇත්තේ එම ගනුදෙනු මුල්කොට ගනිමිනි.

ඇමෙරිකා පාර්ලිමේන්තුව හෙවත් ‘කොංග්‍රසය’ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් මෙන්ම සෙනෙට් මණ්ඩලයකින් සමන්විත අතර, පසුගිය ජනවාරියේ සිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය.



අදහස් (0)

බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site