
ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, පලස්තීනය සම්බන්ධයෙන් ඇමෙරිකන් මහාචාර්යවරයකු ලියූ පොතක් අතැතිව සිටින අයුර මාධ්‍යවේදීන්ගේ කැමරාවලට හසුවී ඇත.
'හන්ඩ්රඩ් යර්ස් වෝර් ඔන් පලස්තීන්' නමැති දේශපාලන විග්‍රහයක් වන මෙම පොත රචනා කර ඇත්තේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෂීඩ් කලීඩී ය. මොහු පලස්තීන මෙන්ම ලෙබනන් සම්භවයක් ඇති විද්වතෙකි.
තමන් පලස්තීනය ගැන ලියූ පොත ජෝ බයිඩන් අත තිබෙනු දුටු මහාචාර්ය රෂීඩ් කලීඩී ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ 'දැන් ඉතිං ප්‍රමාද වැඩියි' යනුවෙනි.
ඊශ්‍රායල පලස්තීන අර්බුදය උත්සන්න වීමට එක් හේතුවක් වූයේ ගාසා තීරයේ පලස්තීනුවන්ට රිසි පරිදි පහර දෙන්නැයි බයිඩන් පරිපාලනය ඊශ්‍රායලයට ලබා දුන් 'කොළ එළිය' බව ලොවට රහසක් නොවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd