IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බයිඩන් පලස්තීනය ගැන පොතක් කියවලා

ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, පලස්තීනය සම්බන්ධයෙන් ඇමෙරිකන් මහාචාර්යවරයකු ලියූ පොතක් අතැතිව සිටින අයුර මාධ්‍යවේදීන්ගේ කැමරාවලට හසුවී ඇත.

'හන්ඩ්රඩ් යර්ස් වෝර් ඔන් පලස්තීන්' නමැති දේශපාලන විග්‍රහයක් වන මෙම පොත රචනා කර ඇත්තේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෂීඩ් කලීඩී ය. මොහු පලස්තීන මෙන්ම ලෙබනන් සම්භවයක් ඇති විද්වතෙකි.

තමන් පලස්තීනය ගැන ලියූ පොත ජෝ බයිඩන් අත තිබෙනු දුටු මහාචාර්ය රෂීඩ් කලීඩී ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ 'දැන් ඉතිං ප්‍රමාද වැඩියි' යනුවෙනි.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය උත්සන්න වීමට එක් හේතුවක් වූයේ ගාසා තීරයේ පලස්තීනුවන්ට රිසි පරිදි පහර දෙන්නැයි බයිඩන් පරිපාලනය ඊශ්‍රායලයට ලබා දුන් 'කොළ එළිය' බව ලොවට රහසක් නොවෙයි.



අදහස් (0)

බයිඩන් පලස්තීනය ගැන පොතක් කියවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site