IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බයිඩන් ට්‍රම්ප් හමුවක් ධවල මන්දිරයේ

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ පසුගිය ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින්, එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් හෙට (13) ධවල මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති බයිඩන් හමුවන්නේ, බයිඩන් කළ ඇරැයුමකට අනුවය. වත්මන් ජනාධිපති බයිඩන් සහ ජනාධිපති ධුරයට තේරී පත් වුණු ට්‍රම්ප් අතර හමුවක් පැවැත් වෙන බව ධවල මන්දිරය නිවේදනය කර තිබුණේ පසුගිය සති අන්තයේය. හමුව ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර වේලාවෙන් උදෑසන 11 ට පැවැත්වෙයි.

බයිඩන් සහ ට්‍රම්ප් අතරේ සාකච්ඡාවට ලක් වනු ඇත්තේ කුමක්දැයි ධවල මන්දිරය දැනුම් දීමක් කර නැත. කෙසේ නමුත් දෙදෙනාගේ මූලික අවධානයට ලක් වනු ඇත්තේ, සාමකාමී බලහුවමාරුව සිදුවන ආකාරය ගැනය.

නව ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙන්නේ ලබන 2025 වසරේ ජනවාරියේය. ඇමෙරිකන් මහ මැතිවරණය අතරතුරේ දී ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීම ද සිදුවිය.

මේ වනවිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත්, සෙනෙට් මණ්ඩලයේත් බහුතර බලය දින ගැනීමට සමත් වී සිටින්නේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ය.



අදහස් (0)

බයිඩන් ට්‍රම්ප් හමුවක් ධවල මන්දිරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 16 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site