IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


බටහිර තර්ජන නොකතා ඉරානය යුරේනියම් කම්හලක් විවෘතකරයි

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් එල්ල වන තර්ජන සහ සම්බාධක නොකතා ඉරානය ඊයේ (9) යුරේනියම් සැකැසීමේ කම්හලක් විවෘත කළේය.
න්‍යෂ්ටික බලශක්ති නිර්මාණයේ දී යුරේනියම් අවශ්‍ය වන අතර එම නව කම්හල ඉදි කර ඇත්තේ ද අලූතින් සොයා ගනු ලැබූ යුරේනියම් නිධි දෙකක් පිහිටි ෂග්හාන්ද් නගරට නුදුරින් යැයි ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් කියා සිටියේ එම කම්හල විවෘත කිරීම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ සන්ධිස්ථානයක් කියාය.
ඉරානය ඔවුන්ගේ ‘හිතුවක්කාරී’ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ලොවට වින කරන න්‍යෂ්ටික අවි නිපදවන බවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කරයි.
ඉරානයට එරෙහිව ඇමෙරිකාව, එක්සත් ජාතීනන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පැනැවීමට කටයුතු කර ඇත්තේ ද ඒ අනුවය.
ඉරානය පවසන්නේ තම න්‍යෂ්ටික වැඩසටහනේ අරමුණ රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම කියාය.
ලෝකයේ බලවත් රටවල නියෝජිතයන් ඉකුත් 5 වැනිදා සහ 6 වැනිදා කසක්ස්තානයේ  ඕල්මැටි නුවරට රැස්වී ඉරාන නියෝජිතයන් සමඟ එක් වී න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් යළිත් වරක් සාකච්ඡුා පැවැත් වූ නමුත් එම සාකච්ඡා අසාර්ථකවිය.
එම න්‍යෂ්ටික සාකච්ඡාවට සහභාගී වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනා වන ඇමෙරිකා, ප‍්‍රංශ, බි‍්‍රතාන්‍ය, රුසියා, චීනය මෙන්ම ජර්මන් නියෝජිතයන්ය.
ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු පාලනයකින් යුතුව සිදු කරන්නේ නම්, එරටට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකාව එම අවස්ථාවේදී සූදානමින් සිටියේය.
ඉරානයේ ‘හිතුවක්කාර’ වැඩසටහන සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදයට රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් විසඳුමක් ලබා දීමද එම සාකච්ඡුාවල ප‍්‍රධානතම අරමුණ විය.



අදහස් (0)

බටහිර තර්ජන නොකතා ඉරානය යුරේනියම් කම්හලක් විවෘතකරයි

රුවන් Wednesday, 10 April 2013 03:36 PM

ඇමෙරිකාව හොඳ පාඩමක් ඉගෙනගනී‍ වගේ. ඇමෙරික විරෝදී රටවල් සියල්ලක්ම එකමුතුවී ඇමෙරිකාවට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි. (ස)

:       0       0

දිනේෂ් Wednesday, 10 April 2013 04:35 PM

හොද වැඩේ අමරිකවට. එයාලගේ වැරදි තියාගෙන බොරුවට අනෙත් රටවලට චෝදනා කරනවා.(ස)

:       0       0

අසංක Wednesday, 10 April 2013 04:34 PM

න්‍යෂ්ටික යුද්ධයක් අවොත් හොදයි (ස)

:       0       0

චින්තන Wednesday, 10 April 2013 04:58 PM

ඇමෙරිකාවේ වියදමින් ඉරානයට විදුලිබලය දෙන්න පුළුවන් නේ ඔච්චර අමාරුවක් තියෙනවා නම්. සල්ලි නැති රටක් නොවෙයි නේ. (නි)

:       0       0

විමල් Thursday, 11 April 2013 05:41 AM

ඇමරිකාව හොද රටක්. ඇමෙරිකාව නැත්නම් අන්තවාදීන් ලෝකය කාලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17123 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site