බංග්ලාදේශයත්, ජපානයත් භූමි කම්පාවලින් කැලැඹිණි. බංග්ලාදේශය කැලැඹී ගියේ රික්ටර් පරිමාණයේ ඒකක 5 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකි. ජපානය කැලඹුවේ රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් සටහන් කළ භූමි කම්පාවකි.
බංග්ලාදේශයේ ඩකා අගනුවර පවා එම භූමි කම්පාවෙන් දෙදරා ගියේය. නිවාස කීපයකට සුළු හානි සිදුවුණු නමුත්, ජීවිත හානි කිසිවක් වාර්තා වූයේ නැත.
ජපානය කැලැඹූ භූමි කම්පාව හටගත්තේ උදෑසන 6.31 ටය. භූමි කම්පාවේ අපිකේන්ත්‍රය පිහිටා ඇත්තේ නේටෝ පළාතේය. එම භූමි කම්පාවෙන්, ජීවිත හානි හෝ දේපොල හානි සිදුවුණු බවක් වාර්තා වී නොමැත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd