
නොකඩවා ඇදහැලුණු මහ වැසි සමඟ බංග්ලාදේශය ජලයෙන් යටවිය. ජල ගැලීම් හේතුවෙන්, මිලියන 4 ක් බංග්ලාදේශ වැසියන්ට උන්හිටිතන් අහිමි වී ඇතැයි පැවැසෙයි. ශිෂ්‍ය අරගලයෙන් පසු බලයට ආ, බංග්ලාදේශ නව අන්තර්වාර රජය චෝදනා නගන්නේ, එම ජල ගැලීම්වලට ඉන්දියාව වගකිවයුතු බවටය.
බංග්ලාදේශය කැලැඹූ ගංවතුරට හේතුව ඉන්දියාව බවටත්, ඉන්දියාව ඊට වගකිව යුතු බවටත්, චෝදනා නගන්නේ බංග්ලාදේශ අන්තර්වනාර රජයට එක් වුණු, අගමැතිනී ෂෙයික් හසීනාගේ රජය පෙරළා දැමීමේ ශිෂ්‍ය අරගලය මෙහෙය වූ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නායක නහීඩ් ඉස්ලාම්ය. බංග්ලාදේශ අනතර්වාර රජයේ සන්නිවේදන කටයුතු අමාත්‍ය ධුරය හොබවන්නේ නහීඩ්ය.
නහීඩ් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඉන්දීය රජය, ඉන්දු බංග්ලාදේශ දේශසීමාවේ ගංගා හරස් කරමින් ඉදි කළ වේල්ලක් හේතුවෙන් බංග්ලාදේශ මෙසේ මහා ජල ගැලීම්වලට මුහුණ දෙන බවය. ඉන්දියාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේක කර තිබේ. බලයෙන් නෙරපා දැමුණු බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ රජය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය අතරේ සමීප මිතුදම් පවතී. අරගලකරුවන්ගෙන් බේරී, ෂෙයික් හසීනා පලා ගියේ ද ඉන්දියාවටය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශ ගංවතුර: චෝදනාව ඉන්දියාවට