පිලිපීනයේ මින්දනාවෝ ප්‍රදේශයේ කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පිපිරීමෙන් තවත් 9 දෙනකු තුවාල ලබා ඇතැයි පිලිපීන මාධ්‍ය වාර්තා කර තිබේ.
පිලිපීනයේ මින්දනාවෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ව්‍යායාම් ශාලාවක පැවති කතෝලික දේවමෙහෙයක් අතරතුරේ පිපිරීම සිදුව ඇති බව පැවැසෙයි.
විශ්වවිද්‍යාල පරිශ්‍රයට අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd