
ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටිද්දී ඇමෙරිකන් කළු ජාතික හිප්හොප් ගායක ෆැට්මන් ස්කූප් මියගියේය. මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ වයස අවුරුදු 53 ක් බවය.
හිටිහැටියේ ඇද වැටෙද්දී, ෆැට්මන් ස්කූප්, හැම්ඩන් නගරයේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටියේය. ඔහු කඩිනමින් රෝහල්ගත කළ නමුත් ඒ වනවිටත් මියගොස් සිටි බව පැවැසෙයි.
ෆැට්මන් ස්කූප්, ඇමෙරිකාවේ පමණක් නොව, ලෝකය පුරා ජනප්‍රිය චරිතයකි. ෆැට්මන් ස්කූප් යන නමින් හිප්හොප් සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුවත්, ඔහුගේ සැබෑ නම අයිසෙක් ෆ්‍රීමන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd