ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් කර තිබේ.
“ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම කනගාටුවට කරුණක්. එහෙම වුණත් අපි පැරිස් සම්මුතිය ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. කිසිවකුට හෝ කිසිවකට එය නවත්වන්න බැහැ” යැයි ජර්මානු චාන්සලර්වරියා ප්‍රකාශ කර ඇත.
පැරිස් සම්මුතියෙන් ඉවත්වීම නිසා ඇමෙරිකාවට දැඩි ලෙස පීඩාවට පත්වීමට සිදුවන බව පෙන්වාදෙන ජර්මානු චාන්සලර්වරිය ඇමෙරිකාවට රැකියා මිලියන ගණනක් අහිමි වනු ඇතැයි ද අවධාරණය කළාය.
ප්‍රංශයේ නව නායක එමැනුවෙල් මැක්රෝන් මහතාද ට්‍රම්ප්ගේ තීරණය විවේචනය කර ඇති අතර ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව ලොව ස්ථාන කිහිපයක විරෝධතා ද පැවැත්විණි.
ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 2 වඩා අඩු අගයක පවත්වාගැනීම සඳහා ඇමෙරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ රටවල් 187 ක් 2015 වසරේදී ප්‍රංශයේ පැරිස් නුවරදී එකඟත්වය පළ කළ අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පෙරේදා (31) යුරෝපා සංගමයේ සහ චීන නිලධාරීහූ එකඟතාවකට ද පැමිණියහ.
ඇමෙරිකාවේ සිදුවන පරිසර දූෂණ නිසා හේතුවෙන් මේ සියවස අවසාන වනවිටදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3 කින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු ඇඟවීය.
ඒ.එෆ්.පී/රොයිටර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ගැන කියන්න වැදගත් දෙයක් නම් නැහැ ...
ජනාධිපති ට්‍රම්ප් ට අනුව ඔහුගේ 'එකම වගකීම ඇමෙරිකාව සහ එහි ජනතාව සුරැකීමයි'. එසේ වගකීම් ඉටු කිරීමට නම් මේ ගිවිසුම සමග අමෙරිකාවත් රැඳී සිටීමයි විය යුතුව තිබුණේ.... කාලගුණ විපර්යාස වලින් ඇමරිකානු ජනතාව පීඩාවට පත් වූ කලකදී පැරිස් සම්මුතියේ අගය වඩා හොඳින් දැනේවි. !!!
බොරුවෙන් කෙලින්ම ඉවත් වෙන්න ට්‍රම්ප්ට තිබුණු ශක්තිය ගැන අගේ කරන්න ඕනි.
ඇමරිකාවේ ආත්මර්තිකාමි බව මෙයින් මනාවට ඔප්පුවේ.
ට්‍රම්ප් බොරුවෙන් ජීවත්වෙන කෙනෙක්.
ඔහු රටට ආදරේ නායකයෙක්. එහෙම නොකරානම් අමෙරිකාවත් චීනයේ යටත් විජිතයක් වෙනවා....
මේ වයසක මහල්ලා තව ටික දවසකින් මියයයි.. මොහු තේරුම් ගන්න ඕනෑ මේ ලෝකය අයිති දරුවන්ට කියලා. මේ වගේ වගකීමක් නැති පුද්ගලයෙක් රටේ නායකයා ලෙස පත් කර ගැනීම ඇමෙරිකානුවන් කරපු ලොකු වැරැද්දක්...
හැම භාණ්ඩයකම සදහන් වෙන්න ඕනේ ඒක හදද්දී පිටවුණ කාබන් ප්‍රමාණය. මිනිස්සු ඒක බලා ගන්න ඕනේ. එතකොට චීන බඩු වලට ඉල්ලුම පහල යනවා. ට්‍රම්ප් හරි.
ට්‍රම්ප් කිව්වට එකපාරටම සම්මුතියෙන් ඉවත්වෙන්න බැහැ, ඒකට කාලයක් යනව, එතකොට ඊළඟ ජනාධිපති පත්වෙලා. මෙයා කරන්න පුළුවන්ද , බැරිද කියල බලන්නෙ නැතුව කටට එන දේවල් කියනව, මේකත් හරියට අර තාප්පෙ වගේ තමයි වෙන්න.