IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රබල සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට

තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති. 

සූර්ය කුණාටුවක් යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ සූර්යයාගෙන් එකවර නිකුත් වන විකිරණ සහ ආරෝපිත අංශුවලින් සමන්විත ගිනි දැල්ය. මේවා සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිදෙයි.

මෙම නව සූර්ය කුණාටුව හේතුවෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති සන්නිවේදන චන්ද්‍රිකාවලට බලපෑම් එල්ල වනු ඇති බවත් එය සන්නිවේදන කටයුතු අඩපණ වීමට හේතුවක් වනු ඇති බවත් නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මීට දින කීපයකට පෙර ද මේ අයුරින් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල විය. රටවල් බොහොමයක අහස ඔරෝරෝ බොරියාලිස් හෙවත් උත්තර ආලෝකයෙන් හැඩ ගැන්වුණේ එම සූර්ය කුණාටුව හේතුවෙනි.

එම අවස්ථාවේදී බිලියනපති ඉලොන් මස්ක්ගේ සන්නිවේදන චන්ද්‍රිකා කීපයකට බලපෑම් එල්ල වූ බව ද පැවැසිණි.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

ප්‍රබල සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට

මැක්ස් Tuesday, 11 June 2024 03:44 PM

ඉලෝන් මස්ක් ලංකාවට එන්න හැදුව විතරයි! මේ සුර්ය කුණාටුව, ඉලෝන් මස්ක් විරෝධී හඳුන් සහෝදරයාගේ කුමන්ත්‍රණයක් වෙන්න බැරි ද?

:       12       30

ජගත් ලියනගේ Tuesday, 11 June 2024 05:41 PM

ඕක ලංකාවේ තියෙන wilamada බංගලාවට ගෙන්න ගන්න බැරිද ?

:       0       1

chandima Tuesday, 11 June 2024 08:08 PM

අම්මපා. අරලිය ගහ මන්දිරේ පැත්තටද එන්නේ? ජනාධිපති මන්දිරේ පැත්තටද?

:       0       2

Samanthi ObeyesekereThursday, 13 June 2024 08:07 AM

දියවන්නාවට කියල තමා කියන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site