
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි 52 හැවිරිදි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් විය.
කායිඩ් ෆරාන් අල් කාඩී නමැති මෙම ඊශ්‍රායල වැසියා, ඊශ්‍රායලයේ පදිංචි බෙඩොයීන් නමැති අරාබි ජාතිකයෙකි.
කායිඩ් ෆරාන් අල් කාඩී ද හමාස් ග්‍රහණයට හසුවූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් අනතුරුවය. ඊශ්‍රායල හමුදා සෙබළුන්ට අල් කාඩී හමුවී ඇත්තේ ගාසා තීරයේ හමාස් සටන්කාමින් භාවිතයට ගන්නා උමඟක් තුළින් යැයි ද පැවැසෙයි.
අල් කාඩී, ඊශ්‍රායලයේ, රහාත් නමැති අරාබි නගරයේ වැසියෙකි. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට හමාස් සටන්කාමීන් කඩා වැදී පහර දේදදී, මොහු එක් නිවසක මුරකරුවකු ලෙස රැකියාව කරමින් සිට ඇත. අල් කාඩී, හමාස් ග්‍රහණයට හසු වූයේ ඒ අනුවය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල ජාතිකයා මුදා ගැනෙයි