
රුසියන් ප්‍රහාර හේතුවෙන් පීඩාවට පත් යුක්රේන වැසියන් වෙනුවෙන් තමන් දැඩි ලෙස කනගාටුවට පත් වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පවසති.
යුක්රේන වැසියන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වුණු අතර පාප්තුමන් එහිදී යුක්රේන වැසියන් ගැන කියමින්, කඳුළු පිස දමන අයුරු දකින්න ලැබුණි.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භයේ පටන්, යුද්ධය නවත්වා සාමකාමීව අර්බුදය විසඳා ගන්නැයි පාප්තුමා ආයාචනා කළේය. සාම කතා සඳහා අවශ්‍ය මැදිහත් වීමක් සිදු කිරීමට වතිකානය ද කැමැත්ත පළ කළේය.
එසේ වුවත් රුසියාව හෝ යුක්රේනය හෝ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූයේ නැත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd