උණු උණුවේම ඇණවුම් කළ ආහාරය තම පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් ආහාර ඛෙදා හැරීම සදහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා උපයෝගී කර ගැනීමට ඉන්දියාවේ මුම්බායි නගරයේ  පිට්සා අවන්හලක් සැරැසෙයි. මේ යානා ශ්‍රී ලංකාවේ හැඳින්වෙනුයේ ‘කේලමා‘ යනුවෙනි.

ෆ්රැන්චෙස්කොස් පීට්සා නම් වන මේ අවන්හලෙන් පිට්සා ඇණවුම් කරන්නෙකුට ඔහු නගරයේ කාර්යබහුලම ප්‍රදේශයක වාසය කරන්නේ නම් තමන් ඇණවුම් කළ ආහාරය ඩ්‍රෝන යානයක් ආධාරයෙන් ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.

අත්හදා බැලීමක් ලෙස පසුගියදා අවන්හලේ සිට කිලෝමිීටර 1.5 ක් පමණ දුරින් පිහිටා තිබුණු මහල් නිවාසයක සිටියෙකුට පිට්සා ගෙනගොස් දීමට ඩ්‍රෝන යානයක් සාර්ථකව යොදා ගැනීමට අවන්හල සමත් විය. ඉදිරියේදී ලැඛෙන ඇණවුම් ඛෙදා හැරීම සදහා වැඩි වැඩියෙන් ඩ්‍රෝන යානා යොදාගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් කියයි.

කාර්යබහුල මුම්බායි නගරයේ රථ වාහන තදබදයට කදිම පිළියමක් යැයි මෙම ‘ඩ්‍රෝන යානා ප්‍රවාහන සේවය‘ ඔවුන් හදුන්වාදේ.