IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිට්සා බෙදන්න කේලමා

උණු උණුවේම ඇණවුම් කළ ආහාරය තම පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් ආහාර ඛෙදා හැරීම සදහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා උපයෝගී කර ගැනීමට ඉන්දියාවේ මුම්බායි නගරයේ  පිට්සා අවන්හලක් සැරැසෙයි. මේ යානා ශ්‍රී ලංකාවේ හැඳින්වෙනුයේ ‘කේලමා‘ යනුවෙනි.

ෆ්රැන්චෙස්කොස් පීට්සා නම් වන මේ අවන්හලෙන් පිට්සා ඇණවුම් කරන්නෙකුට ඔහු නගරයේ කාර්යබහුලම ප්‍රදේශයක වාසය කරන්නේ නම් තමන් ඇණවුම් කළ ආහාරය ඩ්‍රෝන යානයක් ආධාරයෙන් ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.

අත්හදා බැලීමක් ලෙස පසුගියදා අවන්හලේ සිට කිලෝමිීටර 1.5 ක් පමණ දුරින් පිහිටා තිබුණු මහල් නිවාසයක සිටියෙකුට පිට්සා ගෙනගොස් දීමට ඩ්‍රෝන යානයක් සාර්ථකව යොදා ගැනීමට අවන්හල සමත් විය. ඉදිරියේදී ලැඛෙන ඇණවුම් ඛෙදා හැරීම සදහා වැඩි වැඩියෙන් ඩ්‍රෝන යානා යොදාගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් කියයි.

කාර්යබහුල මුම්බායි නගරයේ රථ වාහන තදබදයට කදිම පිළියමක් යැයි මෙම ‘ඩ්‍රෝන යානා ප්‍රවාහන සේවය‘ ඔවුන් හදුන්වාදේ.



අදහස් (0)

පිට්සා බෙදන්න කේලමා

උත්තරා Tuesday, 27 May 2014 08:08 PM

ලංකාවේ වගේ එකක් ඇණවුම් කළාම දෙකක් ලැබෙනවාද? (නි)

:       0       0

නවුෆල් Tuesday, 27 May 2014 08:18 PM

උත්තරා බලන්නෙ නිකන් කන්නද? පුරුද්ද අතාරින්න බැහැ නේද? (නි)

:       0       0

සේන Wednesday, 28 May 2014 01:52 PM

අසරණ යතුරුපැදි කරුවන්. මොන අසරණද? මේ අය පාරේ යන්නේ පිස්සු බල්ලෝ දුවනවා වගේ. මාර්ග නීති කිසිම දෙයක් පිලිපදින්නේ නැහැ. එහෙන් දාල මෙහෙන් දාලා යන්නේ. (නදී)

:       0       0

ජගත් Friday, 30 May 2014 06:11 PM

අසරණ යතුරු පැදි කරුවන් ඒ විදියට පිස්සු බල්ලෝ වගේ දුවන්නේ පිට්සා එක නිවෙන්න කලින් ගිහිල්ල දෙන්නයි. (ස)

:       0       0

ප්‍රසා Saturday, 31 May 2014 10:00 AM

ලංකාවේ කලා නම් එක පාරින් ඩ්‍රෝනා එක නැති වෙයි. (ස)

:       0       0

සමරනායක Tuesday, 27 May 2014 09:21 PM

ලංකාවට ඕක හරියන්නෙ නෑ. අන්තිමට යානයත් නෑ පීසා එකත් නෑ. (ස)

:       0       0

ජීවන් මධුසංක Friday, 30 May 2014 11:03 PM

තාක්ෂණය දියුණු වුනා කියලා මෙී වගේ සමිපත් විනාශ කරන එක අපරාදේ (ස)

:       0       0

රොමේෂ් Wednesday, 28 May 2014 10:48 AM

ඉන්දියාවට පුලුවන්නම් ලංකාවට කොහොමත් පුළුවන්. එහෙ වගේ නීල කාස හොරු අපේ රටේ නැහැ තවම.(නදී)

:       0       0

උපාලි Thursday, 29 May 2014 12:45 PM

හැබැයි ඉන්දියාවේ අපේ වගේ පන්චිකාවත්තක් ළඟ පාතක නැතිව ඇති. (ස)

:       0       0

මංජුල බංඩාර Wednesday, 28 May 2014 11:17 AM

මෙහාට ආවොත් නම් යානය තියා ගන්නවා.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 28 May 2014 11:25 AM

ඔය යානය තමිල්නාඩුව පැත්තේ ගියොත් යානයයි පිට්සා එකයි දෙකම නැති වෙනවා. (ස)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 28 May 2014 11:46 AM

ලංකාවේ පටන් ගත්තොත් දැනට පිට්සා බෙදන අසරණ යතුරුපැදි කරුවන්ගේ රැකියාවලට මොකද වෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site