
දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගී නොවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබේ. පුටින් මෙසේ තීරණය කළේ, දකුණු අප්‍රිකාවට පැමිණියහොත්, ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවිනි.
යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන්, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළැයි පුටින්ට චෝදනා එල්ල වී ඇත. පුටින් අත්අඩංගුවට ගන්නැයි ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. දකුණු අප්‍රිකාව, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රාජ්‍යයකි. එහෙයින්, පුටින් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකියාව තිබේ.
‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. ආර්ථික, ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන් ‘බ්‍රික්ස්’ හවුල පිහිටුවා ගෙන ඇත. මෙවර ‘බ්‍රික්ස්’ සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 22 සිට 24 දක්වාය.
යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙන් රුසියන් ජනාධිපති පුටින්, දකුණු අප්‍රිකාවට ගෙන්වා නොගන්නැයි දකුණු අප්‍රිකා රජයට බලපෑම් එල්ල වී ඇතැයි ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුටින් අත්අඩංගුවට ගනීවි යැයි බියක්