
දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගී නොවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබේ. පුටින් මෙසේ තීරණය කළේ, දකුණු අප්‍රිකාවට පැමිණියහොත්, ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවිනි.
යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන්, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළැයි පුටින්ට චෝදනා එල්ල වී ඇත. පුටින් අත්අඩංගුවට ගන්නැයි ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. දකුණු අප්‍රිකාව, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රාජ්‍යයකි. එහෙයින්, පුටින් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකියාව තිබේ.
‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. ආර්ථික, ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන් ‘බ්‍රික්ස්’ හවුල පිහිටුවා ගෙන ඇත. මෙවර ‘බ්‍රික්ස්’ සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 22 සිට 24 දක්වාය.
යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙන් රුසියන් ජනාධිපති පුටින්, දකුණු අප්‍රිකාවට ගෙන්වා නොගන්නැයි දකුණු අප්‍රිකා රජයට බලපෑම් එල්ල වී ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd