
පාකිස්තානයේ පසුගිය වසරේ ඇති වූ දරුණු ගං වතුරෙන් ඇති වූ හානිය මග හරවා ගනිමින් නැවත යථා තත්ත්වයට පැමිණීම සඳහා ඉදිරි වසර 3 ක කාලය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබා දෙන ලෙස ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඉල්ලීමක් කර තිබේ.
1700 ක් මරණයට පත් කරමින් තවත් මිලියන 33 කට බලපෑ පසුගිය වසරේ ඇතිවූ ගං වතුරෙන් පිඩාවට පත් පාකිස්තානය නැවත ගොඩ නැගීම සඳහා ජපානය ඇතුළු රටවල් 40 ක නිලධාරීහු මෙම සමුළුවට සහභාගී වෙති.
එසේම ඇමෙරිකා එක්සත් ජනපදය පාකිස්තානය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මානුෂීය සහායක් ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ඇමෙරිකාව පාකිස්තානයට ලබා දෙන මානුෂීය සහාය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඞ් ප්‍රයිස් පවසා තිබේ.
එම සමුළුව ආරම්භ කරමින් පාකිස්තානයට ගං වතුරෙන් සිදු වූ හානියෙන් ගොඩ ඒමට ඇමෙරිකානු ඩොලර් බිලියන 16.3 ක මුදලක් අවශ්‍ය වන බවත් ඉන් අඩක් ජාත්‍යන්තරයෙන් ලැබෙනු ඇති බව විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය නේටෝ එකට තර්ජනයක් වෙලා තියන මේ වෙලාවේ බිලියන 8 ක් ඉල්ලගන්න එක බුද්ධිමත් ක්‍රියාවක්