
වයඹ දිග පාකිස්තානයේ පෙෂාවෝර් නුවර ජලාශයක් නැරැමීමට ගිය පාසල් දරුවන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරැළීමෙන් 51 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ජීවිතක්ෂයට පත් වුණු 51 දෙනාගෙන් 49 දෙනකු කුඩා දරුවන් බව වාර්තා වේ. ඉතිරි දෙදෙනා ගුරුවරයකු සහ පාසලේ ගුරුවරයකු බව ද පැවැසෙයි. මියගිය දරුවන් අවුරුදු 7 ත් 14 ත් වයස්වල පසුවන බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පොලිසිය පවසන්නේ බෝට්ටුව පෙරැළි ගියේ පමණ ඉක්මවා පිරිසක් එහි පටවාගෙන ගිය බැවින් යැයි පොලිසිය පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd