IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නාසා යානය රැගෙන ආ පස් සාම්පල පරීක්ෂා කෙරේ

ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරිස් රෙක්ස්’ රොබෝ ගවේෂණ යානය පෘථිවියට බාර දුන් ‘බෙන්නු’ නමැති යෝධ ග්‍රහකයේ පස් සාම්පල පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ වී ඇත.

පස් සාම්පල නාසා ආයතනයේ, ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විශේෂ පර්යේෂණාගාරයකට යවා ඇති බවත්, මූලික පරීක්ෂණ ප්‍රතිඵල ඔක්තෝබර් 11 වැනිදා ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මීටර් 500 ක විෂ්කම්භයක් ඇති ‘බෙන්නු’ ග්‍රහකය, පෘථිවිට වඩා පැරැණි බව තාරතා විද්‍යාඥයන්ගේ මතයයි. ග්‍රහකය, අප සෞරග්‍රහ මණ්ඩලය ආරම්භයේ සිදුවුණු හැලහැප්පීම්වලදී කැඩී වෙන්වුණු කැබැල්ලක් බව ද පැවැසෙයි.
ග්‍රහනකයේ පස් සහ දූවිලි පරීක්ෂා කිරීමෙන් සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ රහස් මෙන්ම, පෘථිවියේ ජීවය පහළ වීම පිළිබඳ රහස් ද අනාවරණය කර ගැනීමට හැකිවේවි යැයි නාසා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

‘ඔසයිරිස් රෙක්ස්’ යානය, ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි රැගෙන ආපසු පෘථිවිය වෙත ආවේ වසර 7 ක මෙහෙයුමකට පසුවය. යානය, පස් සහ දූවිලි අඩංගු කැස්පියුලය පෘථිවියට විසි කර, එය පහළට වැටෙන්න සලස්වා, නව මෙහෙයුමක් ආරම්භ කර, පෘථිවිය පසුකර ගියේය.

ලොව පුරා විද්‍යාඥයන් 233 දෙනකු සහ පර්යේෂණ ආයතන 38 කට ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි සාම්පල යැවෙනු ඇති බවත් ඔවුන් වෙන වෙනම ඒවා අධ්‍යයනය කරනු ඇති බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘බෙන්නු’ නමැති යෝධ ග්‍රහකයෙන් පස් සහ දූවිලි සාම්පල රැගෙනවිත් ඒවා අඩංගු කැප්සියුලය පෘථිවියට මුදා හැරීමෙන් පසු නාසා විද්‍යාඥයන් ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, ‘ඇපොසිස්’ නමැති ග්‍රහකය නිරීක්ෂණයට යැවීය. ඒ අනුව නාසා ආයතනය දැන් ‘ඔසයිරිස් රෙක්ස්’ යානය නම් කර ඇත්තේ  ‘ඔසයිරිස් ඒපෙක්ස්’ යන නමිනි. යානය, ‘ඇපොසිස්’ ග්‍රහකයක බලා යනු ඇත්තේ 2029 දීය.



අදහස් (0)

නාසා යානය රැගෙන ආ පස් සාම්පල පරීක්ෂා කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 296 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site