
කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි.
‘ට්‍රයිසුබ්’ යන නමින් හැඳින්වෙන මෙම නව ලේසර් ඉලක්කයට පහසුවෙන් මෙන්ම නිවැරදිව අදාල ඉලක්කයට ළං විය හැකි බව ද මෙම නව ආයුධයෙන් යුක්රේනයේ හමුදා ශක්තිය තවත් වැඩි වනු ඇති බවත් යුක්රේන හමුදාව වෙනුවෙන් යුක්රේන හමුදා ප්‍රධානී වඩ්යාම් සුකරේව්ස්කී පැහැදිලි කර ඇත.
‘ට්‍රයිසුබ්’ යන වදනේ අරුත ‘ත්‍රිශූලය’ යන අර්ථයයි. යුක්රේන ජාතික ධජයේ ඇති සංකේතය ලෙස සැලකෙන්නේ ද ත්‍රිශූලයයි. එය යුක්රේනයේ නිදහස, ශක්තිය සහ එකමුතුව සංකේතවත් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd