
චීනයේ ව්‍යාප්ත වන ආකාරයේ නව කොරෝනා ප්‍රභේදයකට පාකිස්තානය සූදානම් නැති බවත්, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානයේ කොරෝනා වසංගතයක් හට ගැනීම බිහිසුණු ඵලවිපාක ගෙන දෙනු ඇති බවත් පාකිස්තාන ‘ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය’ අනතුරු අඟවා තිබේ.
‘ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය’ පෙන්වා දෙන්නේ, පාකිස්තානයේ සියලු යටිතල පහසුකම් මේ වනවිට ඉතා දුර්වල තත්ත්වයක පවතින බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ද කඩා වැටීමට ලක් වී ඇති බවත්ය. පාකිස්තානය ද ‘අයි.එම්.එෆ්.’ ණය පැකේජයක් අපේක්ෂාවෙන් පසුවෙයි. කෙසේ නමුත් පාකිස්තානය තවමත් ‘අයි.එම්.එෆ්.’ ණය කොන්දේසි සම්පූර්ණ කර නැතැයි පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd