
ලෝකයට න්‍යෂ්ටික යුද්ධ අවශ්‍ය නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කර තිබේ. චීන ජනාපධිතිවරයා මෙසේ අවධාරණය කළේ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් හමුවූ අවස්ථාවේදීය.
ජර්මන් චාන්සල්වරයා ලෙස ඕලාෆ් ෂොල්ස්, චීනයේ බෙයිජීං අගනුවරට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වූ පළම අවස්ථාව මෙයයි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු රාජ්‍ය නායකයෝ දෙදෙනා යුක්රේන රුසියන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූහ.
එහිදී චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ න්‍යෂ්ටික බලය තිබුණත්, කිසිම රටක් න්‍යෂ්ටික යුද්ධයකට යා යුතු නැති බවය. යුක්රේන රුසියන් අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම කළ යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම කිව්වත්, දැන් කවුද ඕවා අහන්නයි, පිළිපදින්නයි බලාගෙන ඉන්නේ...?