
හමුදා පාලනය යටතේ පවතින නයිජර් රාජ්‍යයෙන් තම තානාපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ හමුදා සොල්දාදුවන් ඉවත් කර ගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පැවැසීය.
නයිජර් බටහිර අප්‍රිකා රාජ්‍යයකි. අතීතයේ එය ප්‍රංශ යටත් විජිතයකි. නයිජර් රාජ්‍යයේ නිල භාෂාව වන්නේ ප්‍රංශය. නයිජර් රාජ්‍යය ප්‍රංශයෙන් නිදහස ලැබුවේ 1958 වසරේදීය. පසුගිය ජූලි මාසයේ නයිජර් හමුදාව රටේ බලය අල්ලා ගත්තේය. ඔවුන්ට රුසියාවේ සහාය හිමිවුණු බව ද පැවැසිණි.
හමුදා පාලකයන් එක හඬින් කියා සිටියේ නයිජර් රාජ්‍යයේ රැඳී සිටි ඇමෙරිකන් සහ ප්‍රංශ හමුදා පිටව යා යුතු බවය. ඇමෙරිකන් සහ ප්‍රංශ හමුදා නයිජර් රාජ්‍යයේ රැඳී සිටියේ අප්‍රිකා කලාපයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සහ සෙසු ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදා සහාය ලබා දීමටය.
හමුදා කුමන්ත්‍රණය සිදුවුණු අවස්ථාවේ සිට නයිජර් රාජ්‍යයේ ප්‍රංශ තතාපතිවරයා සහ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් පිටවීම ප්‍රතික්ෂේප කර තිබුණි. නයිජර් හමුදාව ඔවුන් නිවාස අඩස්සියට ගැනීමට ද ඒ අනුව කටයුතු කළේය.
කෙසේ නමුත් මේ වනවිට ප්‍රංශ ජනාධිපති මැක්රොන් තීරණය කර ඇත්තේ තානාපති ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ප්‍රංශ හමුදා සොල්දාදුවන් ද යළි ප්‍රංශයට ගෙන්වා ගැනීමට තීරණය කළ බවය.
2025 නොවැම්බර් මස 04
296
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජර් රාජ්‍යයෙන් ප්‍රංශ හමුදා ඉවත් කර ගැනෙයි