
නයිජර් රාජ්‍යයේ, ප්‍රංශ තානාපති සිල්වේන් ඉත් සහ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක්, හමුදා පාලකයන්ගේ ප්‍රාණ ඇපයේ සිටින බව ප්‍රංශ ජනාපධිති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.
ප්‍රංශ තානාපති ඇතුළු පිරිස නයිජර් රාජ්‍යයේ නියාමේ අගනුවර ප්‍රංශ තානාපති කාර්යාලයේ සිරකරුවන් බවත්, ඔවුන්ට තානාපති කාර්යාලයෙන් පිටවීමට හමුදාව ඉඩ නොදෙන බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් වැඩි දුරටත් පවසා තිබේ.
නයිජර් හමුදාව, කුමන්ත්‍රණය කරමින්, එරට බලය අත්පත් කර ගත්තේ පසුගිය ජූලි මාසයේය. ප්‍රංශ තානාපතිවරයාටත්, සෙසු ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රටින් වහා පිටවන්නැයි නයිජර් හමුදාව අණ කළ නමුත්, ප්‍රංශ තානාපතිවරයා ඇතුළු පිරිස ඊට අවනත වූයේ නැත. ඒ අනුව, ඔවුන් මේ වනවිට හමුදාවේ ප්‍රාණ ඇපකරුවන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාබේරියෝ ටික කන්න ළඟයි වගේ...