
නයිගර් රාජ්‍යයේ ගුවන් කලාපය වසා දැමීමට එරට බලය අල්ලා ගත් හමුදාව පියවරගෙන තිබේ.
අසල්වැසි බටහිර අප්‍රිකානු රටවලින් සහ බටහිර රටවලින් එල්ල විය හැකි තර්ජන හේතුවෙන් නයිගර් හමුදාව මෙම තීරණය ගත් බව පැවැසෙයි.
නයිගර් හමුදාව එරට ජනාධිපති මොහොමඞ් බසූම් අත්අඩංගුවට ගනිමින් රටේ බලය අල්ලා ගත්තේ මීට දින කීපයකට පෙරය. අසල්වැසි බටහිර අප්‍රිකානු රටවල් නයිගර් හමුදාවට බල කර ඇත්තේ මොහොමඞ් බසූම් වහා නිදහස් කරන ලෙසය. ජනාධිපතිවරයා නිදහස් කිරීමට දී තිබුණු කාල සීමාව අවසන් වී තිබේ.
මේ අතර මොහොමඞ් බසූම්ගේ රජයට ලබා දුන් සියලු ආධාර වහා නවත්වා දමන බව ඇමෙරිකාව පවසා ඇත. ඇමෙරිකාව ද නයිගර් හමුදා පාලකයන්ගෙන් ඉල්ලා ඇත්තේ වහා මොහොමඞ් බසූම් නිදහස් කරන ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd