චීනයේ සංචාරය කරන නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්වුණු අතර, චීනය සමඟ අවබෝධතා ගිවිසුම් 7 ක් ඇතුළු තවත් ගිවිසුම් 12 කට නේපාල අග්‍රාමාත්‍යවරයා අත්සන් තැබුණි.
අත්සන් තැබුණේ වෙළෙඳ, ප්‍රවාහන සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රවලට අදාල ගිවිසුම්වලටය. චීනයේ හැංග්ෂූ නගරයට පැමිණි නේපාල අග්‍රාමාත්‍යවරයාට චීන රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
චීන ජනාධිපතිවරයා හමුවීමෙන් පසු දෙරට අතරේ ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට නේපාල අග්‍රාමාත්‍යවරයා සමත් වූ බව ද පැවැසෙයි. නේපාල අග්‍රාමාත්‍යවරයා සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං අතරේ ද සාකච්ඡා පැවැත්විණි.
නේපාල අග්‍රාමාත්‍යවරයා ලෙස පුෂ්ප කමල් දාල් චීනයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. පසුගිය සතියේ ඔහු ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති 78 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ද සහභාගී විය. නේපාල අග්‍රාමාත්‍යවරයා ලෙස පුෂ්ප කමල් දාල් ඇමෙරිකා ගියේ ද පළමු වරටය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නේපාල චීනය අවබෝධතා ගිවිසුම් රැසකට අත්සන් තබයි