වහා ධුරයෙන් ඉවත් වන්නැයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට බලපෑම් එල්ල වෙයි. කුමන ආකාරයේ බලපෑම් එල්ල වුවත් තමන් ධුරයෙන් ඉවත් නොවන බව රැම්පෝසා අවධාරණය කර තිබේ.
ජනාධිපති රැම්පෝසාට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ල වන්නේ 2020 වසරේ රැම්පෝසාට අයත් ගොවිපොල නිවසක සිදුවුණු සොරකමක් මුල් කර ගනිමිනි.
එම සොරකමේ දී රැම්පෝසා සතු විශාල මුදල් ප්‍රමාණයක් සොරකම් කෙරුණි. එම මුදල් ප්‍රමාණය නිවැරදිව කොපමණදැයි අනාවරණය නොකෙරුණි. පොලිසිය පැවැසුවේ එය ඇමෙරිකන් ඩොලර් 5,80,000 ක් බවය.
පසුගිය ජූනි මාසයේ දකුණු අප්‍රිකාවේ හිටපු බුද්ධි ප්‍රධානී ආතර් ෆ්‍රේසර් පොලිසියට පැමිණිලි කරමින් කියා සිටියේ, එම සොරකම සිදු කළේ ජනාධිපති රැම්පෝසා බවත්, සොරාගත් බව පැවැසෙන මුදල් රැම්පෝසා අයතු ලෙස එක් රැස් කරගත් ඒවා බවත්ය. රැම්පෝසාගේ පාලාපාලා නමැති ගොවිපොල නිවසේ තිබී සොරකම් කළේ යැයි පැවැසෙන මුදල 5,80,000 ක් නොව ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක් බව ද හිටපු බුද්ධි ප්‍රධානී ආතර් ෆ්‍රේසර් පෙන්වා දී ඇත.
දකුණු අප්‍රිකා ජාතික කොංග්‍රසයේ නායකත්වය හොබවන්නේ ද රැම්පෝසාය. ජනාධිපති රැම්පෝසා දෙවැනි ධුර කාලයක් අපේක්ෂාවෙන් ද පසුවෙයි. පදනම් විරහිත චෝදනා කොතරම් එල්ල වුවත් තමන් කිසිම අවස්ථාවක ධුරයෙන් ඉවත් නොවන බව රැම්පෝසා අවධාරණය කර තිබේ.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ධුරයෙන් ඉවත් වෙන්නැයි ජනපතිට බලපෑම්