IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුම්වැටි ඇසුරුම් පාට ගැන කියයි

දුම්වැටි ඇසුරුම අඳුරු වර්ණයකින් වරණ ගැන්වී තිබිය යුතුයැයිද,එය මත දුම්බීමේ ආදීනව ගැන දැක්වෙන ඡායාරූපයන් තිබිය යුතුයැයිද ආදී ලෙස දුම් පානය සම්බන්ධයෙන් ස්ථාපිත කිරීමට යන නව නීති අනුව දුම්වැටි අසුරනද සකස් විය යුත්තේ කෙසේදැයි දැක්වෙන ඡායාරූප පෙළක් නිදහස් කිරීමට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය අමාත්‍යංශ්‍ය  කටයුතු කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා වලට අනුව දුම්වැටි අසුරනයන් අනිවාර්යයෙන්ම අලූ පැහැය මිශ්‍ර දුඹුරු පැහැයෙන් වරණ ගැන්වී තිබිය යුතුය.දුම්බීමේ ආදීනව ගැන දැක්වෙන ඡායාරූපයක්ද සමග ඊට ගැලපෙන වදනක්ද තිබිය යුතුය. මීට අමතරව දුම්වැටි අසුරනයේ තිබිය යුත්තේ නිෂ්පාදකයාගේ නම පමණකි.

තරුණ වියේදීම දුම්පානයට ඇබ්බැහි වන්නන් සිටී යැයි හඳුනාගෙන ඇති බ්‍රිතාන්‍යයේ දුම්පානයේ ආදීනව ගැන ජනතාව දැනුම්වත් කිරීමේ ආයතනයන් එකතුව දුම්පානය සම්බන්ධයෙන් නව නීති ස්ථාපිත කරන්නැයි බ්‍රිතාන්‍යය රජයෙන් ඉල්ලා සිටින්නේ කලක සිටය.

ඒ සම්බන්ධයෙන් කල්මරමින් සිටි බ්‍රිතාන්‍යය රජය අවසානයේ එම එළැඹෙන මැතිවරණ සමයට පෙර වහාම ස්ථාපිත කරන බවට පොරොන්දු වී තිබේ.

දුම්පානයට පුද්ගලයින් අද්දවා ගැනීමේ සමත් වෛවාරණ දුම්වැටි අසුරණයන් තහනම් කර ඒවායේ වර්ණය හා සදහන්ව ඇති දෑ සම්බන්ධයෙන් වාරණයන් පැනවූ මුල්ම රට වූයේ ඕස්ට්‍රේලියාවයි.

2012 දෙසැම්බර් මාසයේ සිට ස්ථාපිත කරගත් නීති වලට ප්‍රකාරව සියලූම ආකාරයේ දුම්වැටි අසුරනයන් සමාන පෙනුමැතිව සකස් කිරීමටත්,ඒවායේ දුම්බීමේ අහිතකර ප්‍රතිඵල දැක්වෙන දුම්බොන්නෙකු දුම්පානය ගැන දෙවරක් සිතා බැලීමට යොමු කිරීමේ සමත් ඡායාරූපයන් අන්තර්ගත කිරීමටත්, අටුවා ටීකා නොමැතිව අසුරනයේ නිශ්පාදකයාගේ නම පමණක් යෙදීමටත්  එරට දුම්වැටි නිශ්පාදකයින්ට සිදුවිය.

යුරෝපා සංගමයේ සියලූ රටවලටද ඉදිරියේදී දුම්පානය සම්බන්ධයෙන් වන පොදු නීති මාලාවකට එකග වීමට සිදුවනු ඇතැයි සදහන්ය.



අදහස් (0)

දුම්වැටි ඇසුරුම් පාට ගැන කියයි

සෑම් Friday, 04 July 2014 03:52 PM

ලෝකයේ සෑම රජයකටම දුම්කොළ බද්ද කියන්නේ අති විශාල ආදායමක්. නමුත් සෞක්‍ය වියදම් පැත්තෙන් බැලුවාම ඒකට වඩා විශාල වියදමක් පෙනහළු පිළිකා වලට ප්‍රතිකාර කරන්න වියදම් වෙනවා කියලා ඕනෑ කෙනෙකුට තේරෙනවා. ලංකාවෙත් මොන ඇමති තුමා විරුද්ධ උනත් ,ඊට ඉහල බලධාරීන්ගේ ආශිර්වාදයෙන් සිගරැට් වෙළඳාමට හානියක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

සමන්ති Wednesday, 02 July 2014 06:34 AM

එහෙ එහෙමයි (නි)

:       0       0

කමනි Wednesday, 02 July 2014 09:58 AM

මේ තරම් නරක බව දැනගෙනත් මොකටද නිෂ්පාදනය කරන්නේ ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site