
භූමි කම්පාවෙන් විපතට පත්වුණු වැසියන්ට, වෛද්‍ය ආධාර යැවීමට පියවර ගන්නා බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් පවසා තිබේ.
වෛද්‍ය ආධාර යැවෙන්නේ, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් ද සමඟ යැයි දකුණු කොරියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
භූමි කම්පාවෙන් විපතට පත් වුණු තුර්කි වැසියන් වෙනුවෙන් කළ හැකි සෑම උපකාරයක්ම කළ යුතු යැයි දකුණු කොරියානු ජනාධිපතිවරයා අදාල රජයේ ආයතනවලට දැනුම් දුන් බව දකුණු කොරියානු මාධ්‍ය පවසා ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd