දකුණු කොරියානු ජනාධිපතිවරණය පැවැත්වුණු අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකුණු කොන්වර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ යූන් සුක් යියොල් එයින් ජයග්‍රහණය කළේය.
ජනාධිපති සටන පැවැත්වූයේ පාලක පක්ෂය ලෙස කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙහෙයවූ ලී ජේ මියුංග් සහ යූන් සුක් යියොල් අතරේය. එය තියුණු සටනක් වූ අතර දෙදෙනා අතර පරතරය පැවැතියේ සියයට 1 ක ප්‍රතිශතයක් ලෙසය.
අවසානයේ ජයග්‍රාහකයා බවට පත් වූයේ යූන් සුක් යියොල් ය. ලී ජේ මියුංග් පරාජය බාර ගත් බව ද දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
ජීවන වියදම ඉහළ යෑම, ආර්ථික අර්බුද, විරැකියාව සහ උතුරු කොරියාව සමග කටයුතු කිරීම ආදී අර්බුද රැසක් සමග නව ජනාධිපති යූන් සුක් යියොල් ට ගැටීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර පවතින්නේ යහපත් සබදතාවකි. ධවල මන්දිරය නව ජනාධිපති ලෙස තේරී පත් වුණු යූන් සුක් යියොල් ට සුබ පැතීමට ද අමතක නොකළේය.
ජෝ බයිඩන් පවසා ඇත්තේ දෙරට අතර සබදතා තව තවත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවය.
(බීබීසී)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දකුණු කොරියාවට අලුත් ජනපතිවරයෙක්