
දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා රුසියාවට ගොස්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය අවසන් කරන්නැයි ඉල්ලීමක් කළේය.
දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා රුසියාවට ගියේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාම නියෝජිතයන් ලෙස තවත් අප්‍රිකානු රටවල් හතක රාජ්‍ය නායකයන් ද පිරිවරා ගනිමිනි.
සාම නියෝජිත කණ්ඩායම රුසියන් ජනාධිපති පුටින් හමුවේ පෙන්වා දුන්නේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිම සඳහා මැදිහත් වීමට තමන්ට හැකි බවය.
‘යුද්ධය දැන් ඇති. අවසන් කරන්න වෙලාව ඇවිල්ලා. සාකච්ඡා කරමින්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අර්බුදය විසඳා ගැනීම කළ යුතුයි’ යැයි රැම්පෝසා පුටින් හමුවේ පෙන්වා දුන්නේය.
රැම්පෝසා ඇතුළු සාම නියෝජිත කණ්ඩායම, පසුගිය සිකුරාදා (16) යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද හමුවී සාකච්ඡා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ 2022 පෙබරවාරියේය. ඒ, යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු බටහිර රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
මේ අතර, ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් පසුගිය දා පෙන්වා දුන්නේ යුක්රේනයට නේටෝ සාමාජිකත්ය ලබා ගැනීම පහසුවෙන් කළ නොහැකි බවය.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු අප්‍රිකා ජනපති රුසියන් ජනපති හමුවෙයි