
ඇෆ්ගන් තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික දලදඬු ෂරියා නීතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සොරකම් කිරීමේ වරදට හසුවුණු කාන්තාවන් තිදෙනකු සහ පිරිමින් 11 දෙනකුට තලේබාන් බලධාරීන් කස ප්‍රහාර ලබා දීමට ද කටයුතු කළ බව වාර්තා වේ.
කාන්තාවන් තිදෙනාට සහ පිරිමින් 11 දෙනා ඇෆ්ගනිස්තානයේ ලෝගාර් පළාතේ වැසියන්ය. එක් තැනැත්තකුට කස පහර 39 ක් ලබා දුන් බව ද පැවැසෙයි. ෂරියා නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නැයි රාජ්‍ය බලධාරීන්ට අණ ලබා දී ඇත්තේ තලේබාන් උත්තරීතර නායකයාය.
ඇෆ්ගන් තලේබාන්වරුන් සකස් කර ගත් ෂරියා නීතිය සෙසු මුස්ලිම් රටවල ෂරියා නීතියට වඩා වෙනස්ය. එම නීතිවලට අනුව තලේබාන් බාලිකාවන්ට අධ්‍යාපන කටයුතුවල නියැලීම සහ කාන්තාවන් රැකියාවල නියැලීම ද මේ වනවිට තහනම් කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd