ඇෆ්ගන් තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික දලදඬු ෂරියා නීතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සොරකම් කිරීමේ වරදට හසුවුණු කාන්තාවන් තිදෙනකු සහ පිරිමින් 11 දෙනකුට තලේබාන් බලධාරීන් කස ප්‍රහාර ලබා දීමට ද කටයුතු කළ බව වාර්තා වේ.
කාන්තාවන් තිදෙනාට සහ පිරිමින් 11 දෙනා ඇෆ්ගනිස්තානයේ ලෝගාර් පළාතේ වැසියන්ය. එක් තැනැත්තකුට කස පහර 39 ක් ලබා දුන් බව ද පැවැසෙයි. ෂරියා නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නැයි රාජ්‍ය බලධාරීන්ට අණ ලබා දී ඇත්තේ තලේබාන් උත්තරීතර නායකයාය.
ඇෆ්ගන් තලේබාන්වරුන් සකස් කර ගත් ෂරියා නීතිය සෙසු මුස්ලිම් රටවල ෂරියා නීතියට වඩා වෙනස්ය. එම නීතිවලට අනුව තලේබාන් බාලිකාවන්ට අධ්‍යාපන කටයුතුවල නියැලීම සහ කාන්තාවන් රැකියාවල නියැලීම ද මේ වනවිට තහනම් කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තලේබාන්වරුන්ගේ ෂරියා නීතිය ක්‍රියාවට නැංවෙයි