IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තලේබාන් මරණ තර්ජන නොතකා ඉම්රාන් ඛාන් දකුණු වසිරිස්තානයට

තලේබාන් සටන්කාමීන්ගේ මරණ තර්ජන නොතකා ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයෝ දහස් ගණනක් ඊයේ (7) පාකිස්තානයට අයත් දකුණු වසිරිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශයේ විරෝධතා රැලියක් පැවැත්වීමට සූදානමින් සිටියහ. තලේබාන් සහ අල් කයිඩා සටන්කාමීන්ගේ රජ දහන ලෙසත් ලෝකයේ වඩාත් බිහිසුණුම ස්ථානය ලෙසත් හැඳින්වෙන දකුණු වසිරිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශයට ගොස් ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂ සාමාජිකයන් විරෝධතා රථ රැලියක් පැවැත්වීමට සූදානම් වූයේ ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ප‍්‍රහාරවලිදී සිවිල් වැසියන් මිය යෑමට එරෙහිවය. බස්, ලොරි, වෑන් සහ යතුරු පැදිවලින් සමන්විත එම විරෝධතා රථ පෙළ ඊයේ උදෑසන වෙද්දී පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයට ඇතුළු වීමට සූදානමින් සිටියේය. ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකාව එල්ල කරන එම මිසයිල ප‍්‍රහාර අල් කයිඩාවේත් තලේබාන් සටන්කාමීන්ගෙත් විරෝධයට හේතු වී ඇති නමුත් ඔවුහු ඉම්රාන් ඛාන් සහ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ දේශපාලන දර්ශනය අනුමත නොකරති. ඉම්රාන් ඛාන් හෝ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයන් හෝ තම අණසක පවතින ගෝති‍්‍රක ප‍්‍රදේශයට ඇතුළු වුවහොත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් එවා ඉම්රාන් ඛාන් ඝාතනය කරන බවට තලේබාන් සංවිධානය මීට පෙර අවස්ථා ගණනාවකදී තර්ජනය කර තිබුණි. පාකිස්තාන තලේබාන් නායක කාරී හසන් 2010 වසරේදී ඇමෙරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් මියගිය කොට්කාර් නමැති ගම්මානයට යෑමට ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයෝ සූදානමින් සිටියහ. තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය, වර්තමාන පාකිස්තාන දේශපාලනයේ පෙරැළියක් ඇති කිරීමට සමත් ව සිටී. පාකිස්තාන කි‍්‍රකට් කී‍්‍රඩකයකු ලෙස කාගේත් ආදරයත් ගෞරවයත් දිනූ ඉම්රාන් ඛාන් මේ වනවිට පාකිස්තානයේ ප‍්‍රබල දේශපාලන චරිතයකි. පාකිස්තාන රජයත් ආරක්ෂක අංශත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයෙන් ඉල්ලා සිටියේ කොට්කාර් ගම්මානය බලා යෑමෙන් වැළැකී සිටින ලෙසටය. 2004 වසරේ සිට 2012 තෙක් කාලයේ ඇමෙරිකා හමුදා ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ඩ්‍රෝන යානා පහාරවලට සිවිල් වැසියෝ 3,325 දෙනෙක් බිලි වූහ. ඇමෙරිකා හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබෙන තොරතුරු පාදක කර ගනිමිනි. බොහෝ අවස්ථාවලදී ඔවුන් එම ප‍්‍රහාර එල්ල කරන්නේ පාකිස්තාන රජය හෝ හමුදාව හෝ බුද්ධි අංශ හෝ දැනුම්වත් නොකරයි. ඉම්රාන් ඛාන් විරෝධතා රැලියට එක්වෙමින්....



අදහස් (0)

තලේබාන් මරණ තර්ජන නොතකා ඉම්රාන් ඛාන් දකුණු වසිරිස්තානයට

ෂෙරීෆ් Monday, 08 October 2012 10:21 PM

ඉම්රාන් ඛාන් ඉල්ලන් කයි වගේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 05:34 PM

ඉම්රාන් දේශපාලනයට වඩා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් අපි ඔබට ඇලුම් කරනවා.. මෝඩ ත්‍රස්තවාදියොත් එක්ක සෙල්ලම් කරන්න එපා.. දැක්කනේ අර පුංචි දරුවට කරපු අපරාදය.!(නු)

:       0       0

තරිදු Monday, 08 October 2012 01:55 PM

ක්‍රිකට් වලින් පසු දේශපාලනයට යාමනම් එතරම් සුදුසු නෑ (ස)

:       0       0

ලාල් Tuesday, 09 October 2012 07:41 PM

නූගත් කට්ටිය... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site