
නිව්යෝක් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ, කැනඩාවේ වාසය කරන, අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමඟ හිතවත්කම් පවත්වන පාකිස්තාන ජාතික 20 හැවිරිදි තරුණයකු අල්ලා ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත් විය.
මුහම්මඩ් ඛාන් නමැති මෙම තරුණයාගේ සැලසුම වී තිබුණේ නිව්යෝක් හි බෲක්ලින් පළාතේ, යුදෙව් ජාතිකයන් ඉලක්ක කරමින් සමූහ වෙඩි තැබීමක් සිදු කිරීමය. යුදෙව්වන් වැඩි වශයෙන් ජීවත් වන්නේ මෙම බෲක්ලින් පළාතේය. ප්‍රහාරයේ අරමුණ, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම පලස්තීනයට පහර දෙද්දී පල්සීන සිවිල් වැසියන් මියයෑමට විරෝධය දැක්වීම යැයි ද පැවැසෙයි.
මුහම්මඩ් ඛාන් නිව්යෝක් යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදු කිරීමට සැලැසුම් කර ඇත්තේ ඔක්තෝබර් 7 වැනිදාය.
ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වූයේ 2023 ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ඇතුළු වී කළ ප්‍රහාරයත් සමඟය. මෙම 2024 ඔක්තෝබර් 7 වැනිදාට එම ගැටුම් ආරම්භ වී වසරක් සපිරේ.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්ත ප්‍රහාරයක් සැලැසුම් කළ තරුණයෙක් කොටු වෙයි