තුර්කි සිරියා භූමි කම්පාවෙන් මියගිය ගණන 41,000 පසු කළේය. තුර්කිය සහ සිරියාව කලඹමින් භූමි කම්පා මාලාවක් හටගත්තේ පසුගිය 6 සහ 7 වැනිදාය. ප්‍රබල භූමි කම්පාවලින් පසු, පසුකම්පන 120 ක් පමණ හටගත්තේය.
තුර්කියේත් සිරියාවේත් විපතට පත්වූවන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් ආධාර වශයෙන් අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.
ඊයේ (16) දින මහල් නිවාස ගොඩනැගිල්ලක සුන්බුන් අතරේ සිරවී සිටි 17 හැවිරිදි දැරියක සහ අවුරුදු 20 ක පමණ යුවතියක බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව පැවැසෙයි.
මේ වනවිට තුර්කියට පමණක් නොව, සිරියාවට ද විදෙස් ආධාර ලැබෙමින් පවතී. විදෙස් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් ද තුර්කියට පැමිණ සිටී. සිරියාවට විදෙස් ආධාර ලබා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි.
ඒ, සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙනි.
භූමි කම්පාවෙන් හානි සිදුවී ඇත්තේ සිරියානු රජයට එරෙහි විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ සන්නද්ධ කණ්ඩායම් යටතේ පවතින පළාත්වලටය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තුර්කි භූමි කම්පාවෙන් මියගිය ගණන 41,000 ක්