
තායිවානය දේශීය වශයෙන් නිපදවූ පළමු නාවික හමුදා සබ්මැරීනය එළිදැක්වීය.
දිනෙන් දින චීනයෙන් එල්ල වන තර්ජන හමුවේ, තායිවාන නාවික හමුදාවේ ශක්තිය වැඩි කිරීමට ‘හායි කුන්’ නමැති මෙම ප්‍රහාරක සබ්මැරීනය සමත් වනු ඇතැයි තායිවාන ජනාධිපතිනිය සායි ඉන්ග් වෙන් සබ්මැරීනය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමින් පැවැසුවාය.
‘හායි කුන්’ යනනෙහි අරුත ‘මුහුදු රකුසා’ යන්නයි. වසර 2025 වෙද්දී දේශීය වශයෙන් තවත් සබ්මැරීන තුනක් නිපදවීමට තායිවාන නාවික හමුදා ඉන්ජිනේරු අංශය කටයුතු කරමින් සිටින බව ද පැවැසෙයි.
‘හායි කුන්’ සබ්මැරීනය එළිදැක්වීමේ උත්සවය පැවැත්වූයේ කවොෂියුන්ග් වෙරළාශ්‍රිත නගරයේදීය. එම අවස්ථාවට නාවික හමුදා ප්‍රධානීන් ඇතුළු තායිවාන ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ මැති ඇමැතිවරුන් සහ මාධ්‍යවේදීන් එක් වී සිටි බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd