
ප්‍රදේශීය මැතිවරණ පරාජයත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලී පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තායිවාන ජනාධිපතිනී සායි ඉන් වෙයි තීරණය කළාය.
තායිවානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලී පක්ෂයයි. පැවැති ප්‍රදේශීය මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලී පක්ෂයට දරුණු පරාජයක් හිමිවිය. ජනාධිපතිනී සායි ඉන් වෙයි සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලී පක්ෂය චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
පක්ෂ නායකත්වයෙන් ඉවත් වුවත්, දිගටම ජනාධිපති ධුරයේ සිටීමට සායි ඉන් වෙයි කැමැත්ත පළ කර තිබේ. ඒ, රට අස්ථාවර වීම වැළැක්වීම සඳහා කැබිනට් මණ්ඩලය කළ ඉල්ලීමක්ට අනුවය.
මැතිවරණය පැවැත්වූයේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් තෝරා පත් කර ගැනීම සඳහාය. මැතිවරණය ජයග්‍රහණය කළේ චීනය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කේ.එම්.ටී.’ පක්ෂයයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි