IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වෙන්න බලපෑම්

තායි අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රාගේ රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය, සන්ධාන රජයෙන් ඉවත්වීමට සූදානම් වීමත් සමඟ තායිලන්තයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත.

තායි අග්‍රාමාත්‍යවරියගේ සන්ධාන රජය මෙසේ දෙදරා යෑමට පටන්ගෙන ඇත්තේ, අග්‍රාමාත්‍යවරිය, අසල්වැසි කාම්බෝජයේ හිටපු අග්‍රාමාත්‍ය හුන්සෙන් සමඟ රහසේ පැවැත්වූ දුරකතන සාකච්ඡාවක් ප්‍රසිද්ධ වීමත් සමඟය. හිටපු අග්‍රාමාත්‍යවරයා වුවත්, හුන්සෙන්ට තවමත් දේශපාලනික වශයෙන් විශාල පිළිගැනීමක් හිමිවෙයි.

තායිලන්තය සහ කාම්බෝජය අතරේ දේශසීමා අර්බුදය පවතින්නේ වසර ගණනක් තිස්සේය. පසුගිය මැයි මාසයේ දේශසීමා හමුදා සෙබළුන් අතරේ සිදුවුණු වෙඩි හුවමාරුවක් හේතුවෙන් මෙම අර්බුදය උත්සන්න විය. එම වෙඩි හුවමාරුවෙන් කාම්බෝජ සෙබළෙක් මියගියේය.

තායි අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රා ඇගේ රජයේ සන්ධාන හවුල්කරුවන්ට ඒ බව නොදන්වා, කාම්බෝජයේ හිටපු නායක හුන්සෙන් සමඟ දුරකතන සාකච්ඡා පැවැත්වීම මෙම නව දේශපාලනික අර්බුදයට හේතුව වී ඇත.

අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රා, ඉතා සුහදව හුන්සෙන් සමඟ කතා කරමින් පවසන්නේ, තායිලන්තයේ අනෙක් දේශපාලන පක්ෂවලට කන් නොදී, හමුදාවට කන් නොදී සාමකාමීව මෙම අර්බුදය විසඳීමට මැදිහත් වන ලෙසටය. මෙය තායිලන්ත හමුදා ප්‍රධානීන්ගේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රාට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම් එල්ල වීමට පටන්ගෙන ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊට අමතරව, මේ වනවිටත් තායිලන්තය සහ කාම්බෝජය අතරේ පවතින දේශසීමා අර්බුදය තවත් උත්සන්න වේවි යැයි ද බියක් හටගෙන තිබේ. පෙටොංටාන් ෂිනවත්‍රා යනු තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන තක්ෂින් ෂිනවාත්‍රාගේ දියණියයි.



අදහස් (1)

තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වෙන්න බලපෑම්

Perera Friday, 20 June 2025 11:47 AM

ඉඩම් මායිම් ආරාවුල් ජාත්‍යන්තර මට්ටමින් සිදුවන තව එක අවස්ථාවක නිදසුනක්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site