
මාධ්‍යවේදිනියකට අතුල් පහරක් එල්ල කිරීමේ සිද්ධියක් මුල්කොට ගනිමින් තායිලන්ත දේශපාලනඥයකු සම්බන්ධයෙන් එරට පාර්ගිමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මාධ්‍යවේදිනියට අතුල් පහර එල්ල කළේ යැයි චෝදනා එල්ල වී ඇත්තේ 79 හැවිරිදි ප්‍රාවිත් වොග්සුවොන්ටය.
‘පලාන්ග් ප්‍රචාරත්’ දේශපාලන පක්ෂය නියෝජනය කරන වොග්සුවොන්, තායිලන්ත දේශපාලනයේ ආන්දෝලනාත්මක කැපී පෙනෙන චරිතයකි.
ඊට අමතරව, ඔහු තායිලන්තයේ හිටපු හමුදාපතිවරයෙකි.
තායිලන්ත මාධ්‍යවේදීන් පිරිසක්, පසුගිය දා, ප්‍රාවිත් වොග්සුවොන් වටකරගනිමින් එරට නව අග්‍රාමාත්‍යවරිය බවට පත් වුණු පේටොංග්ටෝන් සම්බන්ධයෙන් ප්‍රශ්න අසා ඇත.
අතුල් ප්‍රහාරය එල්ල වූයේ, එසේ ප්‍රශ්න ඇසූ ‘තායි පීබීස්’ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදිනයකටය. එම දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd