මධ්යනකාලීන මැතිවරණෙයන්, ඇමෙරිකන් කොංග්රයසයේ (පාර්ලිමේන්තුවේ) බහුතරය ඇමෙරිකා ජනාධිපති ට්රයම්ප්ගෙන් ගිලිහී යෑමත්, ඉරාන ඇමෙරිකා යුද්ධය අවසන් වේවි යැයි බලාපොරොත්තු දැල්වීමත් සමග ගෝලීය බොර තෙල් මිල ඉතා වේගයෙන් අඩුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
ගෝලීය බොර තෙල් මිල මිනුම් දණ්ඩ ලෙස සැලකෙන ‘බ්‍රෙන්ට්’ බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 95 සීමාව පසු කරමින් පහළ වැටී ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ද ඇමෙරිකන් ඩොලර් 89 ක සීමාව ඉක්මවා පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කොංග්‍රසයේ බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයෙන් ගිලිහී යෑමත්, බහුතර බලය ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතු වීමත් සමග ට්‍රම්ප්ට සිය අභිමතය පරිදි තීන්දු තීරණ ගැනීමටත්, අණ පනත් සම්මත කර ගැනීමටත් බාධා එල්ල වෙයි.
මධ්‍යවාර මැතිවරණයට පෙර ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇගවූයේ මධ්‍යවාර මැතිවරණයෙන් තම රිපබ්ලිකන්වරුන්ගේ බලය තහවුරු වුවහොත්, ඉරානයට පහර දී ඉරානය සුන්නද්ධූලි කර දමන බවය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද පවසා ඇත්තේ, තමන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එක් වී, ලෝකයට ත්‍රස්තවාදය වපුරුවන ඉරානය විනාශ කිරීමට සහාය දක්වන බවය.
ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වුණු අතර, එයින් වැඩි ඡන්ද දිනා ගත් නමුත්, නෙදන්යාහු සහ ඔහුගේ සන්ධානයට රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය හිමි නොවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd