හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් ඉරාන පාලනයට එරෙහි ප්‍රහාර දැඩි කරන බවත් ඉරානය 'අපායක්' බවට පත් කරන බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයට ඉරානය ප්‍රතිචාර දක්වා ඇත.

විදෙස් මාධ්‍ය පවසන ආකාරයට, ඉරානය ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ ඇමෙරිකාවේ ආක්‍රමණකාරී ක්‍රියා තවදුරටත් ව්‍යාප්ත වුවහොත්, මුළු මැදපෙරදිග කලාපයම 'අපායක්' බවට පත් කරන බවය.

ඉරාන හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු බලපෑම් හමුවේ තමන් පසුබට නොවන බවත්, කලාපීය ස්ථාවරත්වයට එල්ල වන ඕනෑම තර්ජනයකට දැඩිව මුහුණ දෙන බවත්ය.