
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ජාතික ආරක්ෂක උපාය මාර්ගික වැඩපිළිවෙළ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පැසැසුමට හේතුවක් වී ඇත.
ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට මුල් තැන දෙමින්, ට්‍රම්ප් එම ජාතික ආරක්ෂක උපාය මාර්ගික වැඩපිළිවෙළ සකස් කර ඇති බවත්, එය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියානුවන් වෙනුවෙන් සකස් කර ක්‍රියාවට නැංවූ ජාතික ආරක්ෂක උපාය මාර්ගික වැඩපිළිවෙළට බෙහෙවින් සමාන බවත් ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රටක ජාතික ආරක්ෂාව කැපි පෙනෙන බවත්, එය එම රටේ ස්වෛරීත්වයට ඉතා වැදගත් බවත් රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දී ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට නව නව ජාතික ආරක්ෂක උපාය මාර්ගික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සකස් කළ පිටු 33 කින් සමන්විත ලේඛනය මගින්, රුසියාව ඇමෙරිකාවට සෘජු තර්ජනයක් නොවන බව පෙන්වා දී ඇත. පුටින්ගේ පැසැසුමට මෙය ද හේතුවක් වී ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. ඒ සම්බන්ධයෙන් කරුණු 28 කින් සමන්විත යෝජනාවක් ට්‍රම්ප් විසින් සකස් කරනු ලැබ තිබේ. මෙම යෝජනාව මේ වනවිට ට්‍රම්ප්ගේත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේත් අවධානයට යොමු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
502
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප්ගේ ආරක්ෂක උපාය මාර්ග පුටින්ගේ පැසැසුමට